ඇල්පිටිය මංගල අයවැය සම්මතයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සඳහා සභාපති සනත් සුමනසිරි මහතා විසින් ඉදිරිපත්කළ මංගල අයවැය  කිසිදු විවාදයකින් තොරව ඒකච්ජන්දයෙන් සභා සම්මත විය.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අයවැය ලේඛණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශන මහතාගේ යෝජනාවෙන් හා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස් මහතාගේ ස්ථිරත්වයෙන් සභා සම්මතවීම විශේෂත්වයකි.

සභාපති සනත් සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සභා රැස්වීම පැවැත්විණි.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනෙක් සහ අනෙක් පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රිවරු 11 සමග මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් 26 දෙනෙකු මෙම විශේෂ සභා රැස්වීම සඳහා සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *