ඇල්පිටිය පුංචි සභාවේ ලොක්කෝ පත් කෙරෙති

ඇල්පිටිය  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම්  මැතිවරණ කොමිෂන් සභාව  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා මහතා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන උප සභාපතිවරයා ලෙසත් පත් කරනු ලැබ සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක්  නාම යෝජනා භාරදී තිබුණි.

ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධුර 15ක් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *