ඇල්පිටියෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 17 ම ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී ඇතැයි වාර්තා වෙයි.

පළමු අවස්ථාවේ දී ඡන්ද මධ්‍යස්ථාන 47 තුළදීම ඡන්දය ගණන් කිරීම සිදු විය.

ඒ අනුව සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23,372ක් ලබා සභික ධූර 17ක් ලබා ගැනීමට සමත්ව ඇත.

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,113කි. ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක් වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමි කරගෙන සභික ධූර 03ක් හිමිකරගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 243ක් වන අතර ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක් වේ.

ඒ අනුව වලංගු ඡන්ද ප්‍රමාණය 41,503 ක් වූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද 597 ක් හා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 42,100 ක් විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාල ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *