ඇමැති ටිරාන්ගේ පක්ෂයෙන් තරග කිරීමට අරගලයෙන් කණ්ඩායමක්…

‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා පක්‍ෂය යටතේ ‘ජංගම දුරකථන’ ලකුණ යටතේ මෙම කණ්ඩායම තරග කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ ‘අරගලයේ’ කොටස්කරුවන් වූ දෙවන ක්‍රියාකාරී කණ්ඩායම මෙයයි.

පසුගිය සතියේ ‘අරගලයේ’ කොටසක් වූ ක්‍රියාකාරීන් පිරිසක් ලංකා සමාජවාදී පක්ෂය යටතේ කොළඹ මහ නගර සභාවට (CMC) තරග කිරීමට තීරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *