ඇමරිකානු තානාපති ජවිපෙ නායකයා හමුවෙයි.

ඇමරිකානු තානාපතිනි ජුලී චුංගේ අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

“ආර්ථික අර්බුදයට තිරසාර, සියල්ල ඇතුළත් විසඳුම් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන් දිරිමත් කිරීම සඳහා මම පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන් හමුවෙමින් සිටිමි” යනුවෙන් එක්සත් ජනපද තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

“අද මම අනුර කුමාර දිසානායක හමුවී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි අභියෝග ගැන සාකච්ඡා කළා” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *