ඇමති සභා ගර්භය තුළ ඇඳුම ගලවයි; කතානායකට පැමිණිලි

පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේදී නුසුදුසු ඇඳුමකින් සැරසී සිටි අමාත්‍යවරයෙකු සභා ගර්භය තුළදී සිය කබාය ගලවාගෙන ගොස් ඇති බවත්, එබැවින් එය අශෝභන ක්‍රියාවක් බව පවසමින් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී සභා ගර්භයේ සිටි අමාත්‍යවරයෙකු තමන් සභා ගර්භයේ ඇඳ සිටි කබාය ගලවා ඉවත් කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

“කිසිවෙකුටවත් සභා ගර්භය ඇතුළේ ඇඳුම් ගලවන්න බැහැ.ඒක ඔබට කරන අගෞරවයක්.කවුරුහරි ඒ විදියට කලිසමක් ගලවනවා නම් ඒකත් සුදුසු නැහැ.කතානායකවරයා ලෙස ඔබටත් නිලධාරීන්ටත් සැරයන්වරයාටත් වගකීමක් තිබෙනවා. අශෝභන ලෙස හැසිරීම නිසා තමා (මන්ත්‍රීවරයා) සභාවෙන් ඉවත් කළ ආකාරයටම ඔහුගේ ඡන්දය අවලංගු කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සභා ගර්භය තුළ එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසට අමාත්‍යවරයාට උපදෙස් දෙන බවත් අමාත්‍යවරයාගේ ඡන්දය අවලංගු කිරීමට ඔහුට අයිතියක් නොමැති බවත් කථානායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *