පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. ඊට හේතුව වී ඇත්තේ විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීමයි.
2020-04-07