ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත්කර යළිත් දහවල් දහවල් 12.00ට ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. ඉන්පසු නැවතත් එදිනම (27) දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

ඉහත සදහන් කළ ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට යළි ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වන අතර එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති අතර සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *