ආසියාවේ විශාලම වී ගබඩාව කැලයට

චීන රජයේ ආධාර මත 1970 දශකයේ වී අලෙවි මණ්ඩලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙටි‍ට්‍රික් ටොන් 14000 ක් ගබඩා කල හැකි ආසියාවේ විශාලතම වී ගබඩා සංකීර්ණය මේ වන විට කැලයෙන් යටවි කෝටි ගණනක දේපල විනාශ වෙමින් පවතින බව ප‍්‍රදේශවාසිහු පවසති.

ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ඇහැටුවැව ගොජරාගම ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම වී ගබඩා සංකීර්ණය එවකට මෙරට අගමැතිනිය වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් විවෘත කර ඇත.

අක්කර 5 ක පමණ භූමි ප‍්‍රමාණයක පිහිටා ඇති මෙම වී ගබඩා සංකීර්ණය තුළ අඩි 80 ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 30 ක් පමණ වූ විශාල සිලින්ඩරාකාර බහාලූම් 14ක් ද අඩි 30ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 10ක් පමණ වූ කුඩා සිලින්ඩරාකාර බහාලූම් 9ක් ද වී තැම්බීම සහ වී කෙටීමේ යන්ත‍්‍ර සහ සහල් ගබඩා කිරීම සදහා ගොඩනැගිල්ලක්ද, නේවාසිකාගාරයක් ද, වී ගබඩාව පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලක් මෙන්ම උක්ත බහාලූම් වල ගබඩා කිරීමට නොහැකි වී ගබඩා කිරීම සදහා අඩි 60 ක පමණ දිගකින් යුත් තහඩු වලින් නිම කරන ලද ගොඩනැගිල්ලක්ද මෙම සංකීර්ණය තුල පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *