ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට ඇගයීමක්

2023 ආසියානු ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහ මහනුවරදී පැවති තරගවලට වර්ෂාවෙන් සිදු වූ බාධාවන් වැළැක්වීම සඳහා සහාය දැක්වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ බිම් සේවකයන් සඳහා ත්‍යාගය මුදල් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පවසා ඇත්තේ ක්‍රීඩාංගණ බිම් සේවකයන් සඳහා ත්‍යාගයක් ලෙස අමෙරිකානු ඩොලර් 50,000 මුදලක් ලබා දීමට තීරණය කළ බවය.

ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම, මෙවර ආසියානු කුසලානය තරගාවලියේ අමතක නොවන මතකයන් බවට පත් වන බවද ඒ මහතා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

“මෙම සේවකයින්ගේ මහඟු සේවාව ගෞරවයෙන් සමරමු” යනුවෙන් ද ඔහු සිය ට්විටර් සටහනේ අවසන් වශයෙන් සඳහන් කර තිබේ.

මේ අතර අවසන් මහා තරගයේ වීරයා වූ ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් ද තමන්ට ලැබුණු අමෙරිකානු ඩොලර් 5,000 ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණ බිම් සේවකයින්ට ලබා දීමට තීරණය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *