Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආසාත්මිකතාවයෙන් සිදුවූ මරණය ගැන තවත් තොරතුරු

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කර තිබේ.

මියගිය පුද්ගලයාගේ ඥාතියෙක්,
“කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුලේ තිබුණ දදයකට තමා ඉස්පිරිතාලේ ගියේ. ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි 5ක් වත් ගිහිල්ලා නෑ. සෙම දාගෙන වැටිලා තියෙන්නේ.  මේක තනිකර නිහඬ මිනී මැරීමක්. “

මියගිය පුද්ගලයාගේ බිරිඳ,

“ඒ ඉස්පිරිතාලෙන් ගහපු ඉන්ජෙක්ෂන් එකට තමා නැති වුණේ. ඒ සැකේ තියෙනවා මොනවා නැතත් මට.”

ඔබේ අදහස