ආරුගම්බේ සංචාරක කලාපය සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇති දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඉතා යෝග්‍ය ගමනාන්තයක් බවට පත් කිරීමේ පුළුල් සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම මුලපිරීම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමේ අභිප්‍රාය ඇතිව සංවර්ධනය අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගැනීමේදී සූක්ෂ්ම ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ආරුගම් බොක්ක වෙරළ තීරයේ ජනප්‍රියත්වය හිමිකරගෙන සිටින වෝටර් ස්කීං වැනි ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම තුළින් සැලකිය යුතු ආදායමක් ලබාගැනීමේ අපේක්ෂාව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ඊයේ (25) පැවැති හමුවකදීය. සංචාරක ක්‍ෂේත්‍රය තුළ මතුව ඇති අදාළ අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම රැස්වීම රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත වෘත්තිකයන් එකට එක් විය.
තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර පළාතේ සිදුකරනු ලබන සංචාරය අතරතුරදී ඊයේ (25) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සහ පීනට් ෆාම් වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රදේශයේ අඩුපාඩු පෞද්ගලිකව තක්සේරු කළ ජනාධිපතිතුමා එහි පැමිණ සිටි සංචාරකයින් සමඟ සුහද කතා බහක ද නිරත විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.