2022 දී ආර්ථික වර්ධනය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ සියයට 7ක් දක්වා පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනටමත් මේ වසරේ (2022) පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ 1.6 ක් වාර්තා කර ඇත.
මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය හේතුවෙන් සැපයුම් අංශයේ අඛණ්ඩ බාධාවීම් මගින් දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලැබ ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව පවසයි.
එසේම දේශීයව පවතින අහිතකර ප්රවණතා මධ්‍යයේ ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ සහ සැපයුම්දාමයන්ට බලපා ඇති නැගෙනහිර යුරෝපයේ භූ දේශපාලනික අර්බුද නුදුරු කාලීනව දේශීය ආර්ථික වර්ධනය කෙරෙහි තවදුරටත් අවදානම් ඇති කළ හැකි බවද මහබැංකුව තවදුරටත් කියයි.