ආර්ථික මධ්‍ය්ස්ථාන වල මිළ ගණන් ඉහළ යැයි චෝදනා

සංචරණ සීමා පැවතුණ ද දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද  දිනයේත් තොග වෙළඳාම සඳහා විවෘතව පවතී.

කෙසේවෙතත් තොග මිලදී ගැනීමට පැමිණි වෙළෙඳුන් චෝදනා කළේ, අද දිනයේත් එළවළු හා මත්ස්‍ය මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවය.

එළවළු හා මාළු මිලදී ගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණි ජංගම වෙළෙඳුන්ගේ අඩුවක් ද අද දිනයේ දක්නට ලැබුණි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ‍වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ මාළු මිල ගණන් සාමාන්‍ය මට්ටමක පවතින බවය.

කෙසේවෙතත් මාළු මිලට ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින් මිල ගණන් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ, “තනිකරම ඇතුළේ අය කියන්නේ බොරු. සාලයෝ කිලෝ එකක් රුපියල් 240යි. ලින්නො රුපියල් 400යි 450යි කියනවා. අපි ගමට ගිහින් විකුණන්නේ කොහොමද?,” යනුවෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *