ආර්ථික කාරක සභාවේ සභාපති පත්වෙයි

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී මෙම පත් කිරීම සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය  කනක හේරත් මහතා විසින් තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී  සී.බී. රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *