තේ පර්යේෂණායතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.

අලුත්පටබැඳිගේ මහතා මීට පෙර  ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජ වැලි නීතිගත සංස්ථාව හා  භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනයේ  සභාපති ලෙසද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *