ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

සභා ලේඛන කාර්යාලය එම යෝජනාවේ පරිවර්තන කටයුතු කරගෙන යන බවද එම ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු එම යෝජනාව කතානායකවරයාට ඊයේ භාරදෙනු ලැබීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ  අරුණ ජයසේකර මහතා නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු එම තනතුරින් ඉවත් විය යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *