ආන්දෝලනාත්මක අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවන ලද වැඩ තහනමක් නොතකා ආන්දෝලනයට ලක්ව සිටින අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) විශේෂඥ වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිය පසුගිය 17 වැනිදා ලැබුණු නමුත් අනිවාර්ය නිවාඩු ලබා දීමට නිශ්චිත හේතුව එම ලිපියේ පැහැදිලිව සඳහන් කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේ වුවද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.

තවද, මතභේදයට තුඩු දී ඇති අධිකරණ වෛද්‍ය නිලධාරියා ද හෙට (20) යළි සේවයේ පිහිටුවීමට නියමිත බවද දැනගන්නට ඇත.

වෛද්‍ය රුහුල් හක් දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, රිජ්වේ ආර්යා රෝහලේ වකුගඩු සැත්කමකින් තෙහැවිරිදි දරුවකු මියයාම, පස් හැවිරිදි දැරියකගේ මරණය වැනි සිද්ධීන් වලදී ඔහුගේ මතභේදාත්මක හා පරස්පර විරෝධී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් විවේචනවලට ලක්විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 දෙසැම්බර් 20 වැනිදා සිට මාස අටකට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වැඩ තහනම් කරන ලද අතර, එම අත්හිටුවීම අගෝස්තු 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත්, එම අත්හිටුවීම නොතකා, පසුගිය මාස හය තුළ ඔහු සැලකිය යුතු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇත. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *