ආණ්ඩුවේ ඩිජිටල් වැඩකාරයෝ එක්කෙනා දෙන්න යනවා

ජනාධිපති සහ ඩිජිටල් අමාත්‍යාංශය ඩිජිටල්කරණ වැඩේට උනන්දුවෙන් අත ගසා තිබෙන බව පෙනුණත් ඒ සඳහා පත් කෙරුණු කණ්ඩායමේ එක්කෙනා දෙන්නා ඉවත් වන බව පෙනෙන්නේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරුන් සහ නිලධාරීන් හිතන ආකාරයේ වෙනසක් තිබෙනවා.ඩිජිටල්කරණය යනු රටට අත්‍යවශ්‍ය අමාත්‍යංශයක්.රටේ ඊළඟ වෙනස ඇති කළ හැකි ප්‍රධානම අමාත්‍යංශය වන්නේ මෙයයි.ඒ සඳහා ජනපති සහ අදාළ අමාත්‍යාංශය පමණක් සූදානම් වී ඵලක් වන්නේ නැහැ.සියලු අමාත්‍යාංශ ඊට පෙළ ගැසිය යුතුයි.මේ ආණ්ඩුව බලය ගත්තේ හොරකම වංචාව දූෂණය නවත්වන්න.යම් ටෙන්ඩරයක් දැම්මා කියූ විට ඒ තුළින් හොරකමක් වේ යැයි ජනතාවගේ මතයක් තිබෙනවා.මේ මතය නැති කිරීමට දිය හැකි හොඳම විසඳුම ඩිජිටල්කරණයයි.

එදා ගෝඨාභයටත් දක්ෂ කණ්ඩායමක් හිටියා. අයි.ටී ක්ෂේත්‍රයේ හිටපු අය මාස හයක් යන විට එතැනින්  ඉවත් වුණා.වත්මන් ජනපති සහ අමාත්‍යාංශය ඉතා උනන්දුවෙන් මේකට අත ගහල තියන බව පේනවා.ඒකට පත් වෙච්ච කණ්ඩායමේ එක්කෙනා දෙන්නා ඉවත් වෙමින් යන බව ට්විටර් පණිවිඩ වලින් අප දුටුවා.ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *