ආගමික ආතතීන් ඇති කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්…

වාර්ගික ප්‍රශ්න ඇවිස්සීමට හෝ සමාන චේතනාවන් ඇතිව කටයුතු කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට හෝ සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ යළිත් වරක් රට තුළ තවත් අර්බුදයක් ඇති වන බවට පැහැදිලි ලකුණු පහළ වී ඇති බවයි.

විශේෂයෙන්ම රට දැඩි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමේ මාවතකට ගමන් කරන තීරණාත්මක අවස්ථාවක මෙවැනි ගැටලු නිර්මාණය වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

රට තුළ ආගමික ආරවුල් අවුලුවාලමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අරමුණින් විවිධ අරමුණු ඇති පිරිස් කටයුතු කිරීම පිළිබඳව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

සෞඛ්‍ය සම්පන්න සමාජයක් සඳහා ආගමික ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

“යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් වාර්ගික හැඟීම් අවුස්සන්නට හෝ ඒ හා සමාන චේතනාවකින් වැඩ කිරීමට උත්සාහ කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 9 වැනි පරිච්ෙඡ්දය අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අපි පසුබට නොවෙමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *