තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හරහා පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර මහතා කථානායකවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
ට්විටර් පණිවිඩයක් තබමින් අමාත්‍ය විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට සහ ප්‍රචාරය කිරීමට සම්බන්ධ අදාළ පුද්ගලයින් සහ මාධ්‍ය සංවිධාන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළු වන විදේශීය ආයතනවලට ඉන්ධන පිරවුම්හල් නිකුත් කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට පත්තර සහ රූපවාහිනී නාලිකාවකින් සමන්විත දේශීය මාධ්‍ය ආයතනයකට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
තමාට අදාළ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වේදිකාවල බෙදාහරින බවටත්, අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් බෙදාහරින බවටත් ඔහු චෝදනා කර තිබේ.