විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 12,992ක් සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 6,548ක් පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පාර්ලිමේන්තු නිරීක්ෂණ කමිටුවට – කෝප් (පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව) හමුවේ පැවසීය.
පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනයකට සහභාගි වෙමින් අමරතුංග මහතා ප්‍රකාශ කළේ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ දැඩි බුද්ධිගලනයක් සිදුවී ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල වශයෙන් රට හැර යන බවත්ය. අනධ්‍යන කාර්ය මණ්ඩලවලට ද එම තත්ත්වයම බලපාන බව ද ඔහු සඳහන් කළේය.
විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීම වැළැක්වීම සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් 1000ක් පමණ වහාම විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගත යුතු බව මහාචාර්ය අමරතුංග මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුව හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැඳවා තිබිණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. එම්. පත්මලාල් ඇතුළු පිරිසක් මෙම කමිටුව හමුවට කැඳවා තිබුණා.
රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.