අලුත් දෑ තනන්න පාසල් සීයකට නව නිපැයුම් සමාජ

රජයේ පාසල් පද්ධතිය යොවුන් නව නිපැයුම් සමාජ 100ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම වැඩසටහනේ ආරම්භය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ  සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයේදී පැවැත්විණි.

පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා මෙම නව නිපැයුම් සමාජ පිහිටුවයි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් මෙම වැඩසටහන මෙහෙයවයි.

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පැසල් තෝරා ගෙන තිබේ.

මූලික අදියරේ දී සමාජයේ  පවතින ගැටළුවකට විසදුමක් ලබාදෙන හා දේශීය ආර්ථිකයට දායකත්වයක් දෙන නව නිපැයුම් හා නවෝත්පාදන සබැඳි යෝජනාවන් සඳහා රුපියල් 50000 මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත.

මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සේවය කරන කරනු ලබන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දෙන බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *