අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.
වන අලි මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීම සඳහා ඉදිකර පවත්වා ගෙන යනු ලබන විදුලි වැටට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙලන කාලය දක්වා පමණක් අදාල ගොවිබිම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරන ලද තාවකාලික කෘෂි විදුලි වැට (Agro Fence) ඉදිකිරීමට අවධානය යොමු කෙරිණි.