ඉදිරි වසරවල අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය .
‘අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්’ ලෙස හැදින්වීම ම ගැටලුවක් ලෙස දකිනා බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදි වැඩපිළිවෙලක් තුළ ජනතවගේ ආර්ථික ස්ථායිකරණය හරහා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මෙරට සංවර්ධනය වීමෙහි ලා දැනුමෙන් සන්නද්ධ වූ දරු පරපුරක් බිහි කරලීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, යහපත් සමාජ පරිවර්තනයක දී අධ්‍යාපනය යනු අත්තටු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගනයේ පැවති පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බවව කීය.