අමෙරිකානු ඩොලර් 47,000ක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් දෙදෙනෙකු STF අත්අඩංගුවට…

විශේෂ කාර්ය බළකාය විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඇමෙරිකානු ඩොලර් 47,000ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආදායම් මාර්ග හෙළි නොකිරීම සහ නීති විරෝධී ලෙස මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කළේ, බුද්ධි අංශ දැනුවත් කිරීම මත බොරලැස්ගමුව පෙරේරා මාවතේ දී රුපියල් 17, 155,000 ට සමාන ඇමෙරිකානු ඩොලර් 47,000 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ‘උණ්ඩියල්’ ක්‍රමය හරහා ඇමෙරිකානු ඩොලර් 47,000ක් මාරු කිරීමට උත්සාහ දරන බවට විශේෂ කාර්ය බළකාය සැක කරයි.

මෙම මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දුන් බවට සැකපිට බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *