අමාත්‍ය ලොකුගේගේ රියදුරු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන සැකකරුගේ පියා සහ සහෝදරයෙකු ද වන අතර ප්‍රධාන සැකකරුගේ මිතුරන් වන තවත් සැකකරුවන් දෙදෙනෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ ප්‍රධාන සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

අමාත්‍යවරයාගේ රියදුරුට පහරදීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

සඳුදා සවස කැස්බෑව, මාවිත්තර ගම්වානවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අමාත්‍ය ලොකුගේ 41 හැවිරිදි රියැදුරුට පහර දී ඝාතනය කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි යතුරුපැදිකරුවෙකු සමඟ කිහිප වතාවක්ම රියදුරුගේ නිවස ඉදිරිපිට විශාල ශබ්දයක් ඇති කර ගත් ආරවුලක් හේතුවෙනි.

කැස්බෑව පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *