දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා කුසල් ජනිත්ගේ සහභාගිත්වය තහවුරු කරමිනි.
කෙසේවෙතත් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලියේදී ඔහු විවේක ගන්වනු ඇත.
ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී සිදුකරන පරීක්‍ෂණ මත තීරණය වනු ඇති බවය.
ඔහුගේ ලෝක කුසලාන සහභාගිත්වය මේ වනවිට අවදානමක පවතින බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුසංකද ආබාධයකට ලක් වුණි.
ඒ අනුව ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ලහිරු මදුසංක වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා සංචිතයට එක්කරනු ඇති බවය.