අපේ රටේ බුද්ධිමත් පුද්ගලයන් රැඳී සිටීම සහ ඔවුන්ගේ විශේෂඥතාවයෙන් දායක වීම ඉතා වැදගත් වේ. රට හැර යනවාට වඩා ඔවුන්ගේ බුද්ධිය යොදා ගනිමින් අපේ ජාතිය වර්තමානයේ මුහුණ දී සිටින අභියෝගවලට මග පෙන්වීමට සහ නගා සිටුවීමට හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති ගුරු සහ විදුහල්පති උපහාර උළෙල අමතමිනි.
රටේ සෑම ක්ෂේත්‍රයකම වත්මන් අභියෝගයක්ව පවතින බුද්ධි ගලනය මගහරවා ගැනීම සඳහා නිදහස් අධ්‍යාපනයේ ඵලයක් ලෙස උපන් බුද්ධිමතුන්ගේ වගකීම සිහිපත් කළ අමාත්‍යවරයා, “බුද්ධිමත් ජනතාවගේ වගකීම මෙවැනි තත්ත්වයකට රට හැර නොයෑමයි. නමුත් මේ රටේ රැඳී සිටිමින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමටයි.” ඇමැතිවරයා කීවේය.