අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ

ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ)  පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.

“පසුගිය ආණ්ඩු වල අයවැය ‍ලේඛන ආදායම් වියදම් ගැන අප අවධානය යොමු කළ යුතුයි.2015 වසරේ සිට අයවැය ලේඛන ගත්තොත් ආදායම වියදම අතර පරතරය තිබුණේ සෘණ අගයක්.විවිධ ඇස්තමේන්තු කළත් ඒ  ඇස්තමේන්තු අසලටවත් එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.2022 වසරේ සෘණ 200ක්,මේ විදියට සියලුම අයවැය පරතර තිබුනේ සෘණ අගයක.මේ වසරේදී ධන අගයක් තිබෙනවා.හැබැයි සමහරුන්ට අනුව මේ අයවැය හැදුවේ මොන්ටිසෝරි ළමයි.

අනෙක මේ පරිපූරක ඇස්තමේන්තු දාපු නැති අවුරුද්දක්.සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ.ඒ නිසා බය නැතිව මේ රටේ ආයෝජන කරන්න එන්න පුළුවන් කියන මතය ජාත්‍යන්තරයේ හදා තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *