’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

“යූත් ක්ලබ්” දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ඒ අනුව Youth Club කිලිනොච්චි දිස්ත්‍රික් සම්මේලනය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට තරුණ තරුණියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙරට තාරුණ්‍යයට ඔවුන්ගේ මාර්ගය තෝරා ගැනීමට youth club හරහා ප්‍රවේශයක් හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Youth Club සමග සම්බන්ධ වීමෙන් රජය සමඟ සෘජු ව සම්බන්ධ විය හැකි ව්‍යුහයක් නිර්මාණය වන්නේ යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ ඔස්සේ නව අදහස්, යෝජනා මෙන්ම විවේචන ද ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *