LK reports news sinhala

අනුර කුමාර කියන ජනපතිවරණයේ නත්තල් පප්පලා කවුද?

දේශපාලකයින්ගේ අතපෙවිම් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය විනාශයට පත්ව ඇති බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පවසන්නේ සිදුවන වංචා සහ දූෂණ අවම කිරිම මගින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කළ හැකි බවයි. ජාතික ජනබල වේගයේ ප්‍රවාහන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

කර්මාන්ත සඳහා පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කර බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන බවද අනුර කුමාර දිසානායක මහතා පසුගියදා තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති ධීවර සමුළුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

“ගෝඨාභයගේ පත්තරේ කිහිල්ලේ ගහගෙන,සජිත්ගේ පෝස්ටරේ කරේ තියාගෙන ,සිමෙන්ති කොට්ට දෙකක් ගන්න කැන්වසින් යනවා. දුප්පත්කම විකුණනවා ,හොඳම නත්තල් පප්පා තෝරන ඡන්දේ වගේ. ගෝඨාභය පොහොර නොමිලේ දෙනවලු ,සජිත් කිරි වීදුරුවක් දෙනවලු ,ගෝඨාභය බදු අයින් කරනවලු, සජිත් පෝෂණ මල්ලක් දෙනවලු.” නත්තල් පප්පලා ඇවිත් වගේ යැයිද අනුර කුමාර මහතා කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *