රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු ඊයේ(27) පස්වරුවේ සිදුකෙරුණි.
ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.
මේ අතර පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කෙරුණි.
රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම නිවසේදී ලබාදීමට ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබුණි.