අන්තරේ විරෝධයකට විජේරාමේදී කඳුළු ගෑස්

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.

විශ්වවිද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන සහ නේවාසික පහසුකම් ඇතුළු කප්පාදු කිරීමට රජය සැරසෙන බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි.

එය ආරම්භ වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි.

මෙම විරෝධතා පාගමනට අදාළ ව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.

කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය අරඹා ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රියපොළ දක්වා පාගමනින් ගමන් කිරීමට නොහැකි වන ලෙස එම නියෝගය නිකුත්කර තිබූ බව සඳහන් ය.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විජේරාම මංසන්ධිය දෙසට ගමන් කිරීමට පටන්ගත් අතර, ඒ සමඟ ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *