අනවසර අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් තාක්‍ෂණය අවභාවිතය හේතුවෙන් ළමා අපචාර වැනි සමාජ ගැටලු රැසක් රට තුළ ඇති වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ළමා අපයෝජන නිවාරණ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින්.
බොහෝ සංවර්ධිත රටවල, අන්තර්ජාලය සහ ඩිජිටල් තාක්ෂණය රෙගුලාසි සමඟ භාවිතා වේ.
දිනෙන් දින ඉහළ යන සමාජ හා ආර්ථික ගැටලු හමුවේ වත්මන් සමාජය නොනවතින තරගයක පැටලී සිටින අතර තරගකාරීත්වයේ ස්වභාවය ජයග්‍රහණ සඳහා වෙහෙසීම බැවින් මානසික පීඩනයට හා ආතතියට පත් පරපුරක් අපට හමුවේ. එබැවින් ඉදිරි පුහුණු වැඩසටහන්වලදී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මට්ටමින් මතුවන සමාජ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගැනීමට නිලධාරීන් රැසක් සිටිනවා.
“මාසික සංවර්ධන කමිටු රැස්වීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25ක පැවැත්වෙනවා.
බොහෝ දරුවන් මුහුණ දෙන අසාධාරණය, අපයෝජනය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි ගැටලු පවුල තුළ ඇති ගැටලු නිසා ඇති වන නිසා මෙම ගැටලු සඳහා විශාල මැදිහත්වීමක් කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවදුරටත් සමීක්‍ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද සඳහන් කළා.
පාසල්වලට ලිංගික අධ්‍යාපනය හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැමුන් තර්ක කරන බවද අමාත්‍යවරයා පැවසීය. ලිංගික අධ්‍යාපනය වඩාත් උචිත ආකාරයට පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතුයි. එබැවින් ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලදී මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.