Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අනවසර ගිනි අවියක් තම සන්තකයේ තිබුණහොත් දඩයක් හා වසර 05ක සිර දඩුවමක්

අනවසර ගිනි අවියක් තම සන්තකයේ තිබුණහොත් දඩයක් හා වසර 05ක සිර දඩුවමක්

පොදුසමා කාලය තුළදී අනවසර ගිනිඅවි භාරදීමටද අවස්ථාවක් ලැබුනු අතර, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ වන කොට ශ්‍රී ලංකා පොලිසිය වෙත ගිණි අවි 200 ක් භාරදී තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ මාධ්‍ය බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

අනවසර ගිනි අවි රජයට භාරදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසයි.

පොදුසමා කාලය තුළදී අනවසර ගිනිඅවි භාරදීමටද අවස්ථාවක් ලැබුනු අතර, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ වන කොට ශ්‍රී ලංකා පොලිසිය වෙත ගිණි අවි 200 ක් භාරදී තිබෙන අතර, එම ගිණිඅවි අතර බෝර 12 ගිනිඅවි 37ක් සහ බෝර16 අවි 15 කුත් භාරදීලා තිබෙනවා, කානු දෙක හෙවත් ඩබල් බැරල් කියන අවි වර්ගයෙන් 02 ක් භාරදීලා තිබෙනවා, රිපීටර් අවි භාරදීලා තිබෙනවා 05 ක්, රයිෆල් අවි 06 ක් භාරදීලා තිබෙනවා, රිවෝල්වර භාරදීලා තිබෙනවා 07 ක්, පිස්ටල් වර්ග 08 ක් සහ හඳුනා නොගත් වෙනත් අවි 20 ක් භාරදීලා තිබෙනවා.

මෙම පොදුසමා කාලය තුළ භාරදුන් අවි අතර, යම් අයෙකුට එම ලියාපදිංචිය අලුත්කර ගැනීමට අවශ්‍ය නම් එම ලියාපදිංචි කිරීම සඳහා මාස 03 කාලසීමාවක් ලබාදී තිබෙනවා. එම කාලසීමාව තුලදී ඔවුන්ට එම අවි ලියාපදිංචි කර නැවත ඔවුන් සන්තකයේ තබාගැනීමට අවස්ථාවක් දීලා තියෙනවා. යම් හෙයකින් අනවසර ගිනි අවියක් තම සන්තකයේ තිබුණහොත් නීත්‍යානුකූලව කටයුතු කර ඔවුන්ට දඩයක් සහ වසර 05ක සිර දඩුවමක් විදීමට සිදුවන බව පොලීසිය විසින් දැනුම්දීලා තියෙනවා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *