අනවසර ඉඩම් පවරා ගැනීමක් පිළිබඳ චෝදනාවක්

යාපනය, වව්නියාව ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක සහ නැඟෙනහිර පළාතේ ස්ථාන කිහිපයක ඊයේ(20) වෙළෙඳසල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරිණි.

ඒ මඩකලපුව, මයිලතමඩු කිරි ගොවීන් භාවිත කළ ඉඩම් ජනාවාස ඉදිකිරීම සඳහා ලබා නොදෙන ලෙස රජයට බල කිරීම, මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

ප්‍රදේශයේ දෙමළ දේශපාලන පක්ෂ හතක් එක් ව මෙම හර්තාලය කැඳවා තිබිණි.

මේ අතර, අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කිරි ගොවීන් ගේ ඉඩම් පවරා ගන්නා බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *