අධිවේගී මාර්ග අනතුරකින් ඔස්ට්‍රියානු සංචාරකයෙකු මිය ගොස් තවත් තිදෙනෙකුට තුවාල

කටුනායක අධිවේගී මාර්ගයේ 27 වැනි කිලෝමීටර් කණුව අසලදී ඊයේ උදෑසන ඔවුන් ගමන් ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඔස්ට්‍රියානු ජාතිකයෙකු මිය ගොස් තවත් විදේශිකයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, කවදත්ත සිට කෙරවලපිටිය දෙසට ගමන් ගත් සංචාරකයින් රැගත් වෑන් රථය එම දිශාවටම ධාවනය වූ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

තුවාල ලැබූ සංචාරකයින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 37 හැවිරිදි ඔස්ට්‍රියානු සංචාරකයා මියගොස් තිබේ.

මහබාගේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *