අධිකරණ නියෝගයෙන් පසු රුසියානු ගුවන් යානයක් කටුනායකදී අත්අඩංගුවට…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මොස්කව් බලා පිටත්ව ගිය රුසියානු රජයට අයත් Aeroflot ගුවන් යානයකට අධිකරණ නියෝගයක් මත අද පිටවීමට අවසර ලබාදී නැහැ.

කෙසේ වෙතත් යානයේ සිටි මගීන් බැස ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන්යානා ලීසිං සමාගම සමඟ ඇතිවූ වාණිජමය ආරවුලක් හේතුවෙන් යානය පිටත්වීමට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් විසඳුමක් සඳහා නීතිපතිවරයා (AG) සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

අයර්ලන්ත සමාගමක් වන Celestial Aviation Trading Limited විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

එම වාරණ නියෝගය සති දෙකක කාලයක් පවතිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *