අධිකරණයේ රඳවා තිබූ රැඳවියන් සිව් දෙනෙකු පලා යයි

කුරූණෑගල අධිකරණ ශාලාවේ සිරමැදිරිය තුළ රඳවා සිටි රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිරකරුවන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.

කෙසේවෙතත් ඉන් එක් සිරකරුවෙකු වැල්ලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන් සොරකම් සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

ඔවුන් අද උදෑසන කාලයේ සිරමැදිරියෙන් පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පළාගිය සෙසු සිරකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *