ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට සහන ලබාදීමට රජයෙන් නව පැකේජ කිහිපයක්

ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට ලබාදිය හැකි සහන පැකේජ කිහිපයක් සම්බන්ධයෙන් රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික ස්ථාවරත්වයට හානි නොවන ආකාරයෙන් ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි.

එම සහන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කතාවේදී නිවේදනය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන බාහිර ආර්ථික බලපෑම් මධ්‍යයේ රජය ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අයවැය ඉදිරිපත් කිරීමට පෙරද ජනතාවට සහන ලබාදීම සඳහා රජය දැනටමත් පියවර ගෙන ඇති බවත්, ඒ අතර ඉන්ධන සහනාධාරයද ඇතුළත් බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *