ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ අමාත්‍ය මණ්ඩල යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දෙවන ඉහළ සාමාර්ථ සහිත උපාධිධාරීන් ලෙස සහකාර කථිකාචාර්යවරුන් බඳවා ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනික සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු සේවය යනුවෙන් සේවා පහක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති බවත් විද්‍යාලවලින් බිහිවන ගුරුවරුන් ගුරු අධ්‍යාපනික සේවයට අයත් වන බවත් ඇමැතිවරයා කීය.
කුසලතා සහ දිස්ත්‍රික් පදනම යටතේ විද්‍යාලවලට බඳවා ගැනීම් සිදුකරන බවත් 7500ක් බඳවාගෙන පසුගිය කාලය තුළ ගුරු පුහුණුව ලබාදුන් බවත් ඇමැතිවරයා කීය.
මීට පෙර බඳවා ගැනීම්වලදී වාර්ෂිකව 4000ක පමණ පිරිසක් පුහුණුව සඳහා බඳවාගත් බවද අමාත්‍යවරයා පැවසීය.ගුරු අධ්‍යාපන සේවයට 2100ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මීට වසරකට පමණ පෙර තමා අමාත්‍යවරයා ලෙස අමාත්‍යධුරය භාර ගන්නා අවස්ථාවේදීත් අමාත්‍යවරයා කියා සිටියේය. , මෙම සේවාව සඳහා පුද්ගලයින් 866 ක් සිටියහ.
ගුරු අධ්‍යාපන සේවය සඳහා ගුරුවරුන් 705 දෙනෙකු බඳවා ගැනීමේ පරීක්ෂණ මීට සති දෙකකට පමණ පෙර අවසන් වූ බවත්, ප්‍රායෝගික පරීක්ෂණ හැකි ඉක්මනින් පවත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
වැටුප් තල 12 ඉහළ නැංවීමට අදාළ කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අවශ්‍ය බවත් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අගහරුවාදා හෝ බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන කමිටුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිත බවත් ඔහු පැවසීය.