“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පොහොට්ටුවත් කැමතියි” – මන්ත්‍රී චානක මාදුගොඩ

පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩිව අවශ්‍යයි යන මතයේ සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අධ්‍යාපනය ගැන කතා කරද්දී දෙපැත්තකට බෙදී විපක්ෂය හරිද ආණ්ඩු පක්ෂය හරි ද යන කාරණය කතා කරනවාට වඩා ඊළඟ වසර තෙක් කල් දමන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කරගන්නේ කෙසේද යන්න පිළිබඳව කතා කළහොත් විවාදය වඩා ඵලදායි වෙනවා.පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩිව අවශ්‍යයි යන මතයේ සිටිනවා මෙන්ම ඊට දැඩිව පක්ෂ බව සඳහන් කරනවා. අප එකඟ නැත්තේ ඒ ප්‍රතිසංස්කරණ වල ඇතුළත් වුණු යම් කාරණා වලට පමණයි.ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැමට එකඟ විය හැකි තැනකට ගෙනවිත් ඉදිරිපත් කළහොත් රටේ හැම දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *