අද සිය ඉල්ලීම් වලට විසඳුම් නොලැබුනහොත් දිගින් දිගටම වර්ජනය කරන බවට පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි

සිය ඉල්ලීම්වලට අද දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා දිනයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

අද දිනයේත් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිත අතර අද දිනය තුළ විසදුම් නොලැබුණහොත් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේත් රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *