කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ අද දින බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි,මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.