අද දහවල් සිට වරාය අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන් වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකාන මහතා ප්‍රකාශ කර සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙන් 49%ක ප්‍රමාණයක් ඉන්දියානු සමාගමකටත්, වරාය අධිකාරියට අයිති ඉතිරි 51%ක ප්‍රමාණයෙන් 15%ක් පමණක් වරාය අධිකාරිය යටතේ තබා ගෙන ඉතිරි කොටස් ප්‍රමාණය කොටස් වෙළෙදපොලටත් යොමුකිරීමට කටයුතු කර ඇති බවට තමන්ට මේ වනවිට වාර්තා වී ඇති බවයි. ඒ මහතා පවසා සිටින්නේ මේ සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන සදුදා දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරව ගනු ඇති බවට තමන්ට වැඩිදුරටත් තොරතුරු වාර්තා වන බවයි.

මෙම අරගලය ජයග්‍රහණය කිරීමට වරාය සේවකයන් 9990කගේ සහය ලැබෙනු ඇති බවයි නිරෝෂන් ගොරකාන මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *