ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බැවින් මේ රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතරම වෙනසකට සූදානම් වන ලෙස එජාප ජ්‍යෙෂ්ඨයින් අද ජනතාවට ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම අදහස් පළ කළේ එම පක්ෂයේ දිස්ත්‍රික් නායක සහ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී ඊයේ පස්වරුවේ පැවති ජනතා විරෝධතාවයකට එක්වෙමින්.
“අද ජනතාව වෙනසක් සඳහා වෙහෙසෙමින් සිටින බවත්, එජාපය වෙනසක් ඇති කිරීමට සූදානම් බවත්, එම වෙනස ගෙන ඒම සඳහා අප වටා එකතු වන්න” විජේවර්ධන මහතා පැවසීය.
“ආහාර උද්ධමනය ඉහළම අගයක් ගන්නා රටවල් 15 අතර ශ්‍රී ලංකාව ජාතියක් ලෙස හඳුනාගෙන සිම්බාබ්වේ වැනි රටවල් ගණයට වැටී තිබෙනවා. බොහෝ දෙනෙක් මේ රටින් සංක්‍රමණය වීමට සැලසුම් කරනවා,” විජේවර්ධන මහතා පැවසීය.
අබේවර්ධන මහතා පැවසුවේ ජනතාව ඉක්මන් මැතිවරණයකට සූදානම් විය යුතු බවයි.
ඒ සඳහා පවතින නීතිමය බාධා අවසන් වූ වහාම මහ මැතිවරණයක් පැවැත්විය හැකියි. ඒ නිසා ඒකට සූදානම් වෙන්න යැයිද ඔහු පැවසීය.
“අපි මෙතනට ආවේ කාවවත් විවේචනය කරන්න නෙවෙයි. අපිට පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයගේ සහය අවශ්‍යයි. අපෙන් කැඩී ගිය අය ඇතුළු තවත් අය අවශ්‍යයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ, තම පක්ෂයට සහය පළ කරන පිරිස් ගාල්ලට රැස්ව සිටියේ පක්ෂය නැවත වරක් බලයට ගෙන ඒමේ පළමු පියවර තැබීමට බවයි.