අද ආසාදිතයින් 2,329ක් වාර්තා වේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,641ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 273,496ක් විය.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,351කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *