හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට ඇතුළුවී සිදුකළ ප්‍රහාරයේදී වෙඩිවැදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හඳුනාගැනීමට DNA පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ඒ සඳහා ඇය ගේ දරුවන් දෙදෙනා ගේ සහ නැගණියගේ DNA සාම්පල පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතය.
මේ අතර, ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද DNA සාම්පල ලබාගැනීමට ද බොහෝ විට සිදුවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, යටවර බණ්ඩාර නමැති එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයා සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය මැදිහත්ව කටයුතු කරන බවය.
එමෙන්ම ඔහු පැවසුවේ ඊශ්‍රායලය තුළ සිටින අනෙක් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරුකර තිබෙන බවයි.
“ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින්ට වෙනත් කිසිදු ආකාරයක බලපෑමක් ඇති වෙලා නෑ. ඔවුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වෙලා තියෙනවා. තොරතුරු නොමැති යටවර බණ්ඩාර මහත්මයා සම්බන්ධයෙනුත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මැදිහත් වෙලා තියෙනවා. බොහෝ දුරට අපට අවශ්‍ය වෙයි එතුමාගේ ළඟම ඥාතීන්ගෙනුත් DNA වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කිරීමට. මෘත දේහය හඳුනාගැනීමේදී මේක ඉතා වැදගත් වෙනවා. දැනටත් අපේ 32ක් එහේ බන්ධනාගාරගත වෙලා සිටිනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි අවස්ථාවකදී කිසිදු ආකාරයකින් ඊශ්‍රායලය වෙත දේශසීමා හරහා අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ දරන්න එපා කියලා.”