Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අත්හැර දමා තිබූ ධීවර බෝට්ටු 7ක් ගින්නෙන් විනාශයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ ඊයේ (08) ඉරිදා පස්වරුවේ හටගත් හදිසි ගින්නකින්, භාවිතයෙන් ඉවත් කර අත්හැර දමා තිබූ ධීවර බෝට්ටු හතක් (07) පමණ සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇති බව වාර්තා වේ.

ගාල්ල වරාය පොලිසිය, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නාවික භටයින් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ඒකාබද්ධව දැඩි පරිශ්‍රමයක් යොදමින් ගින්න තවදුරටත් පැතිර යාම වළක්වා එය පාලනය කිරීමට පියවර ගත්හ.

මෙම හදිසි ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරයි.

ඔබේ අදහස